වසරේ හොඳම මානවවාදී බිම්බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ කාණ්ඩායම ශ්‍රී ලංකාවෙන්

2012 වසරේ හොඳම බිම්බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ ඉංජිනේරු සෙබළ ඩී.කේ.න්. ‍‍රොහාන් මහතා සහ ඔහුගේ සහයක ස්පාර්ටකස් නැමැති සුනඛයා ඇමෙරිකාවේදි සම්මානයට පාත්‍රවිය.

ප්‍රකට ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් වන මාර්ෂල් ලෙගසි ආයතනය (Marshall Legacy Institute) විසින් මෙම සම්මානය සෙබළ රොහාන් සහ ස්පාර්ටකස් සුනඛයා වෙත ඔක්තෝබර් මස 10 වෙනි දින වොෂින්ටන් නුවර පැවති එම ආයතනයේ වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේදි පිරිනමන ලදී. ශ්‍රී ලංකා බිම්බෝම්බ නිෂ්ක්‍රිය කණඩායම මෙම ජයග්‍රහණය ලබා ගත්තේ ලොව රටවල් 11 ක් නියොජනය කල මෙවැනිම බිම්බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායම් 107ක් අභිබවමිනි.

1997 වසරේදී පිහිටුවනු ලැබූ මාර්ෂල් ලෙගසි ආයතනය ගැටුම් පැවති රටවල් නගා සිටුවීමට අත්‍යවශ්‍ය බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ආධාර උපකාර කරන ලොව ප්‍රධාන පෙලේ ආයතනයකි. මෙම සංවිධානය මගින් 2004 වසරේ සිට මේ දක්වා බිම්බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට විශේෂයෙන් පුහුණු කරනු ලැබු සුනඛයන් (Mine Detection Dogs) 26 ක් අප රටට නොමිළයේ ප්‍රධානය කර ඇත.

2011 වසරේදී ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ බෙල්ජියානු මෙලිනොයිස් කුලයට අයත් ස්පාර්ටකස් සුනඛයා සඳහා අනුග්‍රාහය සපයා ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි සෙවන් ලේක්ස් පාසලේ සිසුසිසුවියන් විසිනි.

පසුගිය ඔක්තොබර් මස 12 වන දින වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරීය මහතා විසින් ඉංජිනේරු සෙබළ රෝහාන් වෙත සිය සුභපැතුම් පිරිනැමීය.

මෙහිදී සිය අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපතිතුමා අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමට ප්‍රථම විශාල භූමි ප්‍රදේශයක තිබූ බිම් බෝම්බ ඉවත් කිරීමට අවශ්‍යවූ බවත් , ශ්‍රී ලංකා යුධ හමුදාව බිම්බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කල අතර ඒ සඳහා මාර්ෂල් ලෙගසි ආයතනය සහ අනෙකුත් රජ්‍ය නොවන සංවිධාන ඉමහත් සහයක් ලබා දුන් බවත් පැවසීය.

මාර්ෂල් ලෙගසි ආයතනයටත් බිම් බෝම්බ ඉවත් කරන සුනඛයන් සඳහා අනුග්‍රහය දැක්වු ඇමරිකානු පාසල් සිසුන් ඇතුළු සියළුම දෙනාටත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තානපතිතුමා සිය කෘතඥතාවය පල කලේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකායේ බලසේනාපති බ්‍රිගේඩියර් ධනන්ජිත් කැරුනාරත්න මහතා , මාර්ෂල් ලෙගසි ආයතනය නියොජනය කරමින් එහි සභාපති පෙරී බොල්ටිමෝර් මහතා සහ එලීස් බෙකර් මෙනවිය ද , ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සෙසු නිලධාරීන්ද සහසහභාගිවිය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s